අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රිමාඩ්.. මෙන්න මේ කාලය වෙනකම්..
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ එලැඹෙන 27 වැනිදා දක්වා ය.
මෙම නියෝගය ලබා දී ඇත්තේ, අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය විසින් ය.
මේ අතර, අද (25) පෙරවරුවේ දී ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැණින.
ඒ මහතාව මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය වෙත ඉදිරිපත් කළේ ය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුවයි.
කෙසේ වෙතත්, ඒ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව වේ.
You May Like This Video👇