හිටපු පොලිස්පති පූජිත්ට මොකද වුණේ?.

Report

ඊයේ (22) හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් යළි කැඳවීය.

ඒ කොළඹ මහාධිකරණය හමුවේ ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේ ය.

අදාල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ගේ විත්ති වාචිකව කැඳවීමට පියවර ගන්නා ලෙස ඉකුත් දා නියෝගයක් නිකුත් කළේ ය. 

නව රජයෙන්, පහසුකම් සහ දීමනා ගැන දැනුම්දීමක්.. වාහන, ඉන්ධන, දුරකථනත් දීමනා අතරට..(PHOTOS)

නව රජයෙන්, පහසුකම් සහ දීමනා ගැන දැනුම්දීමක්.. වාහන, ඉන්ධන, දුරකථනත් දීමනා අතරට..(PHOTOS)

රජයෙන් දරුවන්ට රු.3,000ක තිළිණපතක් ලැබෙනකොට.. තවත් දෙයක් දෙන්න යයි.. නොමිලේම..

රජයෙන් දරුවන්ට රු.3,000ක තිළිණපතක් ලැබෙනකොට.. තවත් දෙයක් දෙන්න යයි.. නොමිලේම..

ඒ අනුව නාමල් බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දී  ඊයේ එයට අදාළ නඩුව කැඳවිය. 

එමෙන්ම, ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව විත්තිකරුවන්ට කියවා දෙනු ලැබීය.

විනිසුරු විසින් විත්තිකරුවන්ට දැනුම් දී ඇත්තේ මෙම නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි විමසන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව මගින් දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම නඩුව යළි ලබන 28 වනදා කැඳවීමට නියෝග කර තිබෙනවා.

ලෝක බැංකුවෙන් ලංකාව ගැන තීරණයක් ගනී.. ඇස්උඩ යන ඒ ආරංචිය මෙන්න..

ලෝක බැංකුවෙන් ලංකාව ගැන තීරණයක් ගනී.. ඇස්උඩ යන ඒ ආරංචිය මෙන්න..

You May Like This Video👇