ලෝක බැංකුවෙන් ලංකාවට සුභ ආරංචියක් - ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල ප්‍රගතියක්
2024 සැප්තැම්බර් මාසයේදී මාලිමා ආණ්ඩුවෙන් භාරගත් ශ්‍රී ලංකාව, වසර දෙකකට ආසන්න කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වය කරා ළඟා වෙමින් සුවිශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ.
ලෝක බැංකුව සිය 2026 ඔක්තෝබර් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ එම ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය, ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට යළි ළඟා වී ඇති බවයි.
ලෝක බැංකුවට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව කාර්තු 12ක් පුරා වර්ධනය වී ඇති අතර 2026 වසරේ පළමු අර්ධයේ ආර්ථික වර්ධනය සියයට 4.7ක් මෙන්ම 2026 වසර සඳහා සියයට 4.4ක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර තිබේ.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, විනිමය අනුපාත ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ මෙම ප්‍රගතියට දායක වී ඇත. ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ද ලෝක බැංකුව ධනාත්මක ඇගයීමක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව, 2024 වසර අවසානයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.12ක් වූ නිල විදේශ සංචිතය 2026 අගෝස්තු අවසානය වන විට ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ද ආර්ථිකයට ශක්තියක් වී තිබෙන අතර2026 ජනවාරි සිට අගෝස්තු දක්වා එම ආදායම ඩොලර් බිලියන 6.1ක් වූ අතර, එය 2025 අනුරූප කාලයට සාපේක්ෂව සියයට 19.8ක වර්ධනයක් වේ.
2026 ජනවාරි සිට අගෝස්තු දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 12.01ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය වසරේ අනුරූප කාලයට වඩා සියයට 4.26ක වර්ධනයකි.
තේ, පොල්, ඇඟලුම්, රබර් ආශ්රිත නිෂ්පාදන සහ අනෙකුත් අපනයන ක්ෂේත්රවලින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය ඉපැයීම් ශක්තිමත් කිරීමට දායක වී ඇති අතර ඉදිරි ආර්ථික ගමනේදී අපනයන විවිධාංගීකරණය සහ දේශීය නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීම(අගය එකතු කිරීම) රජයේ අපේක්ෂාවයි.
2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 1.48ක් වූ අතර, 2026 එම කාලසීමාවේදී එය මිලියන 1.69ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය 2024ට සාපේක්ෂව සියයට 14කට ආසන්න වර්ධනයක්ය. කෙසේ වෙතත්, මැද පෙරදිග ගැටුම්කාරී තත්වය හේතුවෙන් 2026 සංචාරක පැමිණීම් 2025 අනුරූප කාලයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වී තිබේ.
එබැවින් සංචාරක පැමිණීම් පමණක් නොව, සංචාරක ආදායම ද ඉහළ නැංවීමේ අවශ්‍යතාවට අනුරූපීව රජය ප්‍රවර්ධන කටයුතු දැනටමත් අරඹා තිබේ. 2026 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ ලෝක බැංකුවේ නව ආදායම් වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වීම ද වැදගත් සන්ධිස්ථානයක්.
මෙම වර්ගීකරණය රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම මත පදනම් වන අතර, එය ආර්ථිකයේ සියලු අංශවල ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් වී ඇති බවට සාක්ෂියක් වනවා. මේ තත්වය පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකුවේ මෙරට නිත්‍ය නියෝජිත Gevorg Sargsyan පවසන්නේ “ශ්‍රී ලංකාව Upper-middle-income රටක් ලෙස නැවත වර්ගීකරණය වීම රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට ආණ්ඩුව කළ කැපවීමට හොඳ සාක්ෂියක්” බවයි. ආර්ථිකයේ ප්‍රකෘතිය පැහැදිලි වුවද, අභියෝග තවමත් පවතිනවා.
ලෝක බැංකුව පෙන්වා දෙන්නේ 2025 වසරේ දරිද්‍රතා අනුපාතය සියයට 16.9ක් ලෙස පැවති බවත්, රැකියා වෙළෙඳපොළේ සහ ගෘහස්ථ ආදායම්වල ප්‍රකෘතිය සමස්ත ආර්ථික වර්ධනයට වඩා මදක් පසුගාමී බවයි. එබැවින් ඉදිරි අභියෝගය වන්නේ ආර්ථික වර්ධනය තිරසාර කරමින් නව රැකියා බිහි කිරීම, ජනතාවගේ ආදායම් ඉහළ නැංවීම, ජීවන වියදම් පීඩනය අවම කිරීම සහ අපනයන හා පෞද්ගලික ආයෝජන පුළුල් කිරීම බව එම වාර්තාව පෙන්වා දෙනවා.
වසර දෙකකට ආසන්න කාලයක් තුළ අර්බුදයෙන් ගොඩ ඒමේ ගමනේ සුවිසල් ප්‍රගතියක් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙනවා. ලෝක බැංකුවේ නවතම ඇගයීමෙන් ද එම ප්‍රගතිය යළි යළිත් තහවුරු කරනවා. එහෙත් එහි සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ ආර්ථික සංඛ්‍යාලේඛන ඉහළ යෑමෙන් පමණක් නොව, එම ප්රතිලාභ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට ළඟා වන ආකාරය අනුවයි අර්බුදයෙන් ප්‍රකෘතියට පැමිණීම සුවිසල් ජයග්‍රහණයක්. එම ප්‍රගතිය ජනතාවට දැනෙන තිරසාර ආර්ථික පරිවර්තනයක් බවට පත් කිරීම ඊළඟ අභියෝගයයි. අද ජනපති ප්රමුඛ මාලිමා ආණ්ඩුව බර තබා ඇත්තේ එම අභියෝගය ජයගැනීමටයි.