මේ අවුරුදු මාස 8 තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 5,116ක්

Report

2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8 තුළ විදෙස් ගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5,116ක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව සටහනට අනුව, මෙය 2024 වසරේ එම කාලපරිච්ඡේදයේදී ලැබුණු ඩොලර් මිලියන 4,288ට සාපේක්ෂව සියයට 19.3ක වර්ධනයකි.

එසේම, 2025 අගෝස්තු මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 680ක් ප්‍රේෂණය කර ඇති අතර, 2024 අගෝස්තු මාසයේදී මෙම අගය ඩොලර් මිලියන 577.5ක් විය, එය 2025ට සාපේක්ෂව සියයට 17.7ක වැඩිවීමකි.

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

ටික්ටොක් ගැන ඇග කිළිපොලා යන හෙළිදරව්ව

ටික්ටොක් ගැන ඇග කිළිපොලා යන හෙළිදරව්ව