අගමැති හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බහින්න සැරසේ - සමන්මලී
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් මොඩියුලයක (Module) කරුණු සම්බන්ධයෙන් ඇති වී තිබෙන කතාබහ හුදෙක් දේශපාලන කුමන්ත්‍රණයක් බව පවසයි.
ඇය මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
එහිදී ඇය විසින්, "මේ ක්‍රියාවලිය හරහා මෙරට දරුවන්ට හෝ රටට කිසිදු ආකාරයක හානියක් සිදුව නැහැ. යම් පිරිසක් පටු අරමුණු වෙනුවෙන් මෙය විකෘති කර පෙන්වීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම මෙම සිද්ධිය පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කරගෙන සිදුකරන පහත් පෙළේ විවේචන සහ ප්‍රකාශ අප දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා." යනුවෙන් සඳහන් කළා.
එමෙන්ම විපක්ෂය මඟින් ගෙනයනු ලබන මෙම අසත්‍ය ප්රචාරයන්ට එරෙහිව මෙරට සමස්ත කාන්තා පරපුරම දැනුවත් කිරීමට කටයුතු කරන බවත්, ඔවුන් වීදි බැස්සවීමට පවා පසුබට නොවන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.
තවද ඇය අවධාරණය කළේ රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකරන යහපත් වෙනස්කම් දේශපාලන වාසි තකා කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බවයි.