පොලිසියේ කළු පැල්ලම? පොලිස් නිලධාරීන් 500කට එරෙහිව විනය ක්‍රියාමාර්ග
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසකට එරෙහිව දෙපාර්තමේන්තු විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේය.
එම නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් සේවයෙන් පහ කිරීමටද පියවර ගෙන තිබෙන බව පොලිස්පතිවරයා සඳහන් කළේය.
ඊයේ (04) පහළගම පොලිස් පුහුණු විද්‍යාලයේදී පැවති පුහුණුවන පොලිස් නිලධාරීන් සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම තුළින් පොලිසියේ විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාලවලට එරෙහි සටන තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ක්‍රියාමාර්ග පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පිරිසිදුකිරීමේ කොටසක් ලෙස සැලකේ.