යුද අපරාධ කියලා හමුදා නිලධාරීන්ට දඬුවම් දෙන්න ආණ්ඩුව ජිනීවා එක්ක එකඟ වෙලා තියෙන්නේ - විමල් [VIDEO]

Report

වර්තමාන ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා රාජ්‍ය බෙදා වෙන් කිරීමට ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට පොරොන්දු වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (08) දින ප්‍රකාශ කර ඇත.

ඒ අනුව හිටපු ඇමැතිවරයා සඳහන් කළේ මෙරට තුළ යුද අපරාධ සිදු වූ බවට ව්‍යාජ සාක්ෂි මඟින් ඔප්පු කර හමුදා නිලධාරීන්ට දඬුවම් ලබාදීමට ආණ්ඩුවේ ජිනීවා නියෝජිත කණ්ඩායම එකඟ වී ඇති බවයි.

විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

ජිනීවා යෝජනා දිනන්න බෑ කියලා දැන දැනත් ඡන්ද හොයන්න මැති ඇමතිවරු රට සවාරි ගිහින්- විජිත

ජිනීවා යෝජනා දිනන්න බෑ කියලා දැන දැනත් ඡන්ද හොයන්න මැති ඇමතිවරු රට සවාරි ගිහින්- විජිත

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ,

“පසුගියදා ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට ශ්‍රී ලංකා රජය හැටියට විරුද්ධත්වය පළ නොකර ඡන්ද විමසීමකට නොගිහින් එම යෝජනාව ඒකමතිකව සම්මත වෙන්න ඉඩ හැරියා. එමඟින් අනියමාර්ථයෙන් ශ්‍රී ලංකාව එම යෝජනාව සමඟ එකට හිට ගැනීමක් වක්‍රාකාරයෙන් සිදු වුණා. 2022දී 57/1 යෝජනාව ඉදිරිපත්වූ විට එදා පැවැති ආණ්ඩුව ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඡන්ද විමසීමක් ඉල්ලුවේ නෑ. එතැනදී විරුද්ධත්වය පළ කළේ නෑ. ප්‍රතික්ෂේප කිරීම පමණයි සිදුවුණේ. එසේම ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට රැහැනිව 2024දී 51/1 යෝජනාව ඉදිරිපත් වූ විට එදා පැවැති පාලනය ඒ යෝජනාවට විරුද්ධ වෙනවා. ඒ අනුව යෝජනාව ඡන්ද විමසීමකට භාජන වුණා. මෙවර ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් වාර්තාවේ ශ්‍රී ලංකා රජය කලින් විරුද්ධ නොවී ප්‍රතික්ෂේප කළ 57/1 යෝජනාව හා ශ්‍රී ලංකා රජය විරුද්ධ වූ 51/1 යෝජනාවේ කරුණු තිබෙනවා. ආණ්ඩුවේ නියෝජිතයන් මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වද්දී කිව්වේ බොහෝ කරුණු පිළිගන්නා නමුත් ජාත්‍යන්තර පරීක්ෂණයකට එකඟ නොවන බවයි. ඒ අනුව ප්‍රතික්ෂේප කරනවා කියලා කතාවේදී කිව්වට ප්‍රතික්ෂේප වීම නිශ්චිතව අදාළ වෙන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් කියන කරුණට පමණයි. ඒකෙන් අදහස් වෙන්නේ සමස්තයක් හැටියට ඒ වාර්තාවේ සියලු කරුණු ප්‍රතික්ෂේප කරන බවක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ ජිනීවා නිත්‍ය නියෝජිතයා ඒ කතාවේදී කියනවා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවන්න, ස්වාධීන අධිශෝධක කාර්යාලය කඩිනමින් ස්ථාපිත කරන්න, දැනට අක්‍රිය වී තිබෙන අතුරුදන් වූවන්ගේ කාර්යාලය සක්‍රිය කරන්න ශ්‍රී ලංකා රජය එකඟ බව. ලංකාවේ සිදුවුණායැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, යුද අපරාධ චෝදනා, මානව අපරාධ චෝදනාවලට ජාත්‍යන්තර පරීක්ෂණයකට එකඟ නෑ කියන ගමන් ඊට අදාළව දේශීය පරීක්ෂණයකට සූදානම් බවයි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා කියන්නේ. මෙතැන පාවිච්චි වෙන්නේ විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි ප්‍රතික්ෂේප කරනවා කියන එක.

ෆොන්සේකා කිව්වා වගේ මහින්දව කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ විමල් විරවංශ කියයි

ෆොන්සේකා කිව්වා වගේ මහින්දව කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ විමල් විරවංශ කියයි

විරුද්ධයි කිව්වොත් විතරයි අපිට ඡන්ද විමසීමකට යන්න පුළුවන්. ඡන්ද විමසීමකට නොගොස් ප්‍රතික්ෂේප බව කිව්වම යෝජනාව ඒකමතිකව පිළිගත්තා හා සමානයි. එමඟින් මුළුමහත් යෝජනාව ප්‍රතික්ෂේප වෙන්නෑ. සුදු මහත්වරුනි ඔබ වෙන රටවල ඉඳගෙන ඒ පරීක්ෂණය කරන්න එපා, ඔබ කියන විදිහට ඒ පරීක්ෂණය කළු සුද්දෝ ටික, එන්ජීඕ කාරයෝ දාගෙන අපිම රට ඇතුළේ කරන්නම් කියලයි නිත්‍ය නියෝජිතයා කියන්නේ. වර්තමාන ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා, ජිනීවා නිත්‍ය නියෝජිතයා ඇතුළු සකලවිධ නියෝජිතයන්ගේ එකඟතාවය සරලව කිව්වොත් ඔබේ උණ්ඩ පුරවපු ගිනි අවිය අපිට දෙන්න. අපි එය පාවිච්චි කොට අදාළ පරීක්ෂණවල වරදකරුවන්ට වෙඩි තියන්නම් කියන එකයි. ආණ්ඩුව සෘජුව කියනවා ජාත්‍යන්තර පරීක්ෂණ එපා. හැබැයි අනිත් ඔක්කොම ක්‍රියාත්මක කරන්නම් කියලා. මානව හිමිකම් චෝදනා, මානව අපරාධ, යුද අපරාධ වුණාය කියලා පිළිගන්න, ඔප්පු කරන්න ස්වාධීන අධිශෝධක කාර්යාලය, සත්‍ය සෙවීමේ කොමිසම, අතුරුදන් වූවන්ගේ කොමිසම මඟින් චෝදනා එකතු කරන්න, ඒ චෝදනා අනුව නඩු පවරන්න, බොරු චෝදනා වරගන්වා ඉදිරිපත් කරන්න අවස්ථාව හදලා. ඒ බොරු චෝදනා මත පදනම්ව නඩු පවරා, නඩු අහලා අපේ රටේ ආරක්ෂක හමුදා නිලධාරීන් යුද අපරාධ බහුල වශයෙන් සිදු කළ බවට නඩු තීරණ දීලා සනාථ කරන්නයි මේ සූදානම් වෙන්නේ." යනුවෙන්.

රනිල් රටහැර රුසියාවට යයි හදිසි හමුවක් කැදවයි

රනිල් රටහැර රුසියාවට යයි හදිසි හමුවක් කැදවයි