විමල් ඇවිත් නෑ වෙනත් දිනයක් ඉල්ලලා - තංගල්ල පොලීසිය සඳහන් කරයි

Report

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීමට අද (06) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේ නැති බවට සඳහන් වේ.

ඒ, අද (06) දින පැමිණීමට නොහැකි බැවින් ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසට ඔහු ඉල්ලීමක් කර ඇති නිසා බව තංගල්ල පොලිසිය පවසයි.

විමල් වීරවංශ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ සිදුවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සිදුකළ විමර්ශනයකදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබ රැදවුම් නියෝග මත සිටින ‘පුවක්දණ්ඩාවේ සනා” නමැති සැකකරු පිළිබඳව කළ ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමසීමට ඔහු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට කැඳවීමට නියමිත බව සඳහන් වේ.

පොලීසියට එන්න කිව්වෙ නෑ ගගා මතුරපු විමල් ලැජ්ජාව පැත්තක දාලා පොලිසියෙන් කරපු ඉල්ලීම

පොලීසියට එන්න කිව්වෙ නෑ ගගා මතුරපු විමල් ලැජ්ජාව පැත්තක දාලා පොලිසියෙන් කරපු ඉල්ලීම

එම දැනුම්දීම පෙරේදා (05) විමල් වීරවංශ මහතා පදිංචිව සිටින හෝකන්දර දකුණ, මංගල මාවතේ පිහිටි නිවසේ සිටි චිත්‍රාදේවි නමැති කාන්තාවට මාළඹේ පොලිසිය විසින් බාරදුන් බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසියේම යාපනයේදී නීතිඥවරියක් අත්අඩංගුවට

හදිසියේම යාපනයේදී නීතිඥවරියක් අත්අඩංගුවට