අයේ එන්නේ නෑ කියලා විශ්‍රාම ගත්ත කෙනෙක් අයේ ඇවිත්..?

David Warner Cricket Australia Sports
By Piyumika Oct 23, 2024 05:44 AM GMT
Piyumika

Piyumika

Report

ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මේ වනවිට විශ්‍රාම ගෙන සිටින ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නර් කැඳවීමේ බලාපොරොත්තුවක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

මහ ජන්දයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට..

මහ ජන්දයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ; ඔස්ට්‍රෙලියාවේ හිටපු ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන ඩේවිඩ් වෝර්නර්ට එරට ක්‍රිකට් පාලනාධිකාරියෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නැවත කැඳවීමක් සිදු කිරීමේ තීරණයක ඔවුන් සිටින බවයි.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව වෝර්නර්ගේ සේවය අවශ්‍ය වුවහොත් කිසිදු පැකිළීමකින් තොරව ගැනීමට ඔස්ට්‍රෙලියානු තේරීම් කමිටුව තීරණය කර ඇති බවට ද වාර්තා වනවා.

දවසකට එක කහට කෝප්පයක් හරි බොන්න පුරුදුවෙලා ඉන්න ඔයා විශේෂයෙන් මේ ගැන දැනගෙන ඉන්න..

දවසකට එක කහට කෝප්පයක් හරි බොන්න පුරුදුවෙලා ඉන්න ඔයා විශේෂයෙන් මේ ගැන දැනගෙන ඉන්න..

වෝනර් යනු වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් වන ඔස්ට්‍රෙලියාවට අවසන් වසරේ ටෙස්ට් ශූරතාව දිනාදීමට සහාය දුන් ක්‍රීඩකයෙක් වන අතර හෙතෙම 2024 මුල් භාගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් නිල වශයෙන් සමු ගත්තා.

ඩේවිඩ් වෝර්නර් ටෙස්ට් තරග 112ක දී ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් වාර්තා කර ගැනීමට සමත් ව තිබෙනවා.