නොසිතූ අන්දමින් ඉන්ධන මිල සංශෝධනය කෙරේ (UPDATE)

Report

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනු ඇත.

සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව එම නිවේදනය මගින් සඳහන් කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331කි. එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183කි.

නොසිතූ අන්දමින් ඉන්ධන මිල සංශෝධනය කෙරේ (UPDATE) | Will Anura Fuel Price Reduce Or Deceive Today


------------------------------------

අනුරගේ ආණ්ඩුව අද අඩුකරයි ද ? රවට්ටයි ද?   

මෙරට මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද මේ දින වල පහළ යමින් පවතින බවට වාර්තා වනවා.

දකුණේ තවත් වෙඩිල්ලක්... පාතාලයේ සෙල්ලමක් ද?

දකුණේ තවත් වෙඩිල්ලක්... පාතාලයේ සෙල්ලමක් ද?

එවැනි පසුබිමක මෙරට ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ පහළ යා හැකි බවටයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටින්නේ.

තවද මේ වන විට පලාත් පාලන මැතිවරණයද පවත්වන්නට සියල්ල සූදානම් වන මොහොතක ඉන්ධන මිල ගණන් ද බොහෝ විට ජනතාවට දැනෙන ගණනකින් අඩු කරනු ඇති බවටයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

OIC මාරු කරන්න තරම් කසිප්පු කාරයෙකුට හයියක්...?

OIC මාරු කරන්න තරම් කසිප්පු කාරයෙකුට හයියක්...?

පසුගිය මාසයේද ඉන්ධන මිල ගණන් අඩුකිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැහැ.