මට මේවා එපා වෙලා තියෙන්නේ..පවුලම වෛද්‍යවරු වෙලත් එයාව බේර ගන්න බැරි වෙලා, වෛද්‍ය සිසුවෙක් ජීවිතක්ෂයට

University of Colombo Death Law and Order Sinhala news Breaking News
By Kaushi Aug 04, 2025 07:37 AM GMT
Kaushi

Kaushi

Report

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යයෙකු සියදිවි හානිකර ගැනීමේ සිදුවීමක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

ඒ අනුව කෑගල්ල පොලීසිය සඳහන් කර ඇත්තේ ඉකුත් 02 වන සෙනසුරාදා දින මෙම ශිෂ්‍යයා සිය නිවසේදී ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

ලැබුණු තොරතුරු අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල, පිටිහුම, බෙලිගස් පාරේ පදිංචිව සිටි 24 හැවිරිදි ගෞතමදාසගේ ආසිරි ශානක කුමාර ගෞතමදාස නම් තරුණයෙක්.

අඳාළ තරුණයා තම කාමරයේ ජනේලයක ග්‍රිල් එකක ඇඳ ඇතිරිල්ලක් භාවිත කරමින් මෙසේ සියදිවි හානිකරගෙන තිබෙනවා.

එසේම ඊයේ (03) දින පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය ශිෂ්‍යයාගේ පියා සාක්ෂි ලබා දී ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තම පුත්‍රයා "මට මේවා එපා වෙලා තියෙන්නේ" යනුවෙන් මීට පෙර පැවසූ බවයි.

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

මේ අතර වෛද්‍යවරයෙකු වන පියා ප්‍රකාශ කර ඇත්තේ ඔහුව මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට උත්සාහ කළද පුත්‍රයා එය ප්‍රතික්ෂේප කළ බවයි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේදී සිදු කිරීමේදී මෙය ගෙල වැළලා ගැනීමෙන් සිදු වූ සියදිවි හානිකර ගැනීමක් බවට කෑගල්ල හදිසි මරණ පරීක්ෂකවරිය වන රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කර තිබෙනවා.

එමෙන්ම මියගිය ශිෂ්‍යයාගේ පියා සහ මව වෘත්තියෙන් වෛද්‍යවරුන් වන අතර, ඔහුගේ එකම නැගණිය ද වෛද්‍ය ශිෂ්‍යාවක් බව සඳහන්.

අද දින මියගිය ආසිරි ශානක ශිෂ්‍යයාගේ අවසන් කටයුතු කෑගල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව්ද ඇති අතර කෑගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන්.

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

ReeCha