කවුද හිතුවෙ හමුදාවට මෙහෙම උත්තමාචාර ලැබෙයි කියලා

Report

මුම්බායි ක්‍රීඩාලෝලීන් විසින් ඉන්දීය හමුදාවට උත්තමාචාර පුදකර සිටි බවට තොරතුරු වාර්තා වේ.

ඒ ඊයේ (21) දින පැවති IPL තරගාවලියේ වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවති මුම්බායි ඉන්දියන්ස් හා දිල්ලි කැපිටල්ස් අතර තරගයේදී යි.

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

ජ්‍යෙතිෂ්‍ය අනාවැකියක් කියන්න ගිහින් මොකක්ද මේ අනුදි කර ගත්තේ...

මෙහි දී හමුදා නිලධාරීන්ගේ රූප සහිත ධජයක් එසවීමට ක්‍රීඩාලෝලීන් කටයුතු කර තිබෙනවා.

ඒ පාකිස්තානයට එරෙහිව ගොඩනැගී තිබෙන රාජත්‍රාන්තික අර්බුදයේදී, ඉන්දීය හමුදාවන් සිය භූමිය රැකගැනීමට දරන්නා වූ කැපවීමට උපහාරයක් ලෙසයි.

එසේම 'භාරත් මාතා කි ජායි' (භාරත මාතාවට ජයවේවා) යනුවෙන් එම රසිකයන් විසින් හඬ නැගූ බව ද සඳහන්.

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

දෙයියනේ...ඇය Miss World තරගයෙන් ඉවතට

ඊයේ දින තිබූ මෙම තරගය කණ්ඩායම් දෙකටම එක ලෙස වැදගත් වූයේ අවසන් තරග වටයේ දී තම ස්ථානය තහවුරු කරගැනීමට මෙහි ජයග්‍රහණය අනිවාර්ය වී තිබීම හේතුවෙන්.

තරගයේදී 5 වරක් IPL ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දිල්ලි කැපිටල්ස් ලකුණු 59කින් පරාජය කිරීමට හැකි විය.

ඒ අනුව මෙවර IPL තරගාවලියේ අවසන් තරග වටයට මේ වනවිට සුදුසුකම් ලබා සිටින්නේ ගුජරාට් ටයියන්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්, පංජාබ් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම්. 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක්