ලෝකයම හොල්ලමින් ධවල මන්දිරය අසළ දරුණු වෙඩි තැබීමක්
අමෙරිකාවේ ධවල මන්දිරය ආසන්නයේ සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ආරක්ෂක අංශ වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෙනසුරාදා (23) පස්වරුවේ මෙම සිද්ධිය වාර්තා වූ බවය. වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන් වේ.

ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සිද්ධියෙන් අනතුරුව රහස් ඔත්තු සේවා සහ පොලිස් කණ්ඩායම් වහාම එම ප්‍රදේශය වටලා ආරක්ෂාව තරකර තිබේ.
ඒ සමඟ ධවල මන්දිරය අවට මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇත. මෙම වෙඩි හුවමාරුවේදී අසල සිටි තවත් සිවිල් වැසියෙකුද තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කෙසේවෙතත් ආරක්ෂක අංශ සාමාජිකයින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ද වාර්තා වේ. සිද්ධිය සිදුවන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය තුළ සිට ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.