WhatsApp වල ලොකු වෙනසක් - මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

Report

ඉන්ස්ටග්‍රෑම්හි “Close Friends” විශේෂාංගයට පුරුදු වී සිටින අයට ඒ හා සමාන අත්දැකීමක් ඉදිරියේදී WhatsApp තුළත් ලැබීමට ඉඩ ඇති බව සඳහන්.

ඒ අනුව Status යාවත්කාලීන කාට කාට පෙන්විය යුතුද යන්න තෝරාගැනීමට හැකි නව විශේෂාංගයක් සම්බන්ධයෙන් WhatsApp මේ වනවිට වැඩ කරමින් සිටින බව වාර්තා වේ.

එමෙන්ම මූලික පණිවිඩ යැවීමෙන් ඔබ්බට විහිදෙමින් සිටින Meta සමාගමට අයත් WhatsApp, Status බෙදාගැනීමේදී වැඩි පාලනයක් සහ පහසුකම් ලබාදෙන නව ක්‍රියාකාරකමක් පරීක්ෂා කරමින් සිටියි.

ඒ අනුව වාර්තා වන්නේ WhatsApp පිළිබඳ තොරතුරු හෙළි කරන WABetaInfo අනුව, Android සඳහා වන WhatsApp beta 2.26.5.11 අනුවාදයේදී මෙම විශේෂාංගය දැකගත හැකි වෙන බවයි.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

එසේම මෙම නව පද්ධතියෙන්, පරිශීලකයින්ට තම සම්බන්ධතා වෙන වෙනම ලැයිස්තු වශයෙන් සංවිධානය කළ හැකි අතර, ඒ සඳහා නාමයන් සහ emoji භාවිතා කර ගන්නටද හැකියාව ලැබෙන බව සඳහන්. එමෙන්ම එම ලැයිස්තු භාවිතා කරමින්, එක් එක් Status යාවත්කාලීනය කාට පෙන්විය යුතුද යන්න තීරණය කළ හැකියි.

සෑම වරම Status එකක් දමන විට බෙදාගැනීමේ සැකසුම් වෙනස් කිරීමට සිදුවන අපහසුතාවය අවම කරමින්, පෞද්ගලිකත්වය පහසු ලෙස කළමනාකරණය කිරීමට මෙම විශේෂාංගය උපකාරී වේ.

මෙහි ප්‍රධාන අංගයක් වන්නේ “Close Friends” ලැයිස්තුව වන අතර, එය Instagram හි සමාන විශේෂාංගය මෙන්ම, තෝරාගත් කුඩා පිරිසක් සමඟ පමණක් Status බෙදාගැනීමට ඉඩ සලසන බව සඳහන්.

එමෙන්ම Close Friends ලැයිස්තුව Status privacy settings හරහා හෝ Status අතුරු මුහුණත තුළින් කළමනාකරණය කළ හැකි බවත්, සම්බන්ධතා ඕනෑම වෙලාවක එක් කිරීම හෝ ඉවත් කිරීම කළ හැකි බවත් වාර්තා වේ.

සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - හෙට අන්තිම දවස රාත්‍රී 10ට පෙර

සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - හෙට අන්තිම දවස රාත්‍රී 10ට පෙර

කෙසේ වෙතත්, එම වෙනස්කම් බලපාන්නේ ඉදිරියේදී පළ කරන Status සඳහා පමණක් වන අතර, පෙර දමන ලද Status වල දර්ශනය වෙනස් නොවන බවත් පවසයි.

ඊට අමතරව, Status බෙදාගැනීම සඳහා තවත් පෞද්ගලිකත්ව විකල්ප තුනක්ද WhatsApp පරීක්ෂා කරමින් සිටින බව සඳහන්.

Status එකක් පළ කළ පසු, තෝරාගත් පිරිසට අනුව යවන පුද්ගලයාගේ profile picture වටා වර්ණ වෙනස් වූ වළල්ලක් (ring) පෙනීමෙන් එය කෙසේ බෙදාගත්ද යන්න හඳුනාගත හැකි වේ.

ඒ අනුව මෙම “Close Friends” විශේෂාංගය මේ වනවිට සංවර්ධන අදියරේ පවතින අතර, ඉදිරියේදී WhatsApp හි අලුත් අනුවාදයකින් පරිශීලකයින්ට ලබාදීමට නියමිත බව WABetaInfo වාර්තා කරයි. 

මෙම ගාස්තු වල අද සිට සංශෝධනයක්

මෙම ගාස්තු වල අද සිට සංශෝධනයක්