ලෝකෙට තවත් අලුත් ලෙඩක් පළමු රෝගියා ඊයේ හමුවේ

Report

 මිනිසුන් තුළ මෙතෙක් දක්නට නොලැබුණු පක්ෂි උණ (bird flu) වර්ගයක් අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකුට ආසාදනය වී රෝහල් ගත කර ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර ඇත.

ඇමරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනුව, මෙම පුද්ගලයා ඉන්ෆ්ලුවෙන්සා A H5 (influenza A H5) නම් පක්ෂි උණකින් ආසාදනය වූ පළමු පුද්ගලයායි.

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

වොෂින්ටන් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බලධාරීන් නිවේදනය කළේ වැඩිහිටි පදිංචිකරුවෙකු නොවැම්බර් මස මුලදී උණ වැනි රෝග ලක්ෂණ සමඟ රෝහල් ගත කර ඇති බවයි.

ඊයේ 19 වන දින වන විටත් එම පුද්ගලයා රෝහල් ගතව සිටින බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක රොබර්ටෝ බොනකෝර්සෝ පැවසුවා. වැඩිදුරටත් වාර්තා වන්නේ ලොව පුරා වල් පක්ෂීන් අතර H5 කුරුළු උණ බහුලව දක්නට ලැබෙන අතර කුකුළු මස් සහ එක්සත් ජනපද කිරි එළදෙනුන් තුළ වසංගත තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

මාපිය රැකවරණ දීමනාව ගැන විශේෂ නිවේදනයක් - නොකලොත් මුදල් අහිමි වෙන්න පුළුවන්

මාපිය රැකවරණ දීමනාව ගැන විශේෂ නිවේදනයක් - නොකලොත් මුදල් අහිමි වෙන්න පුළුවන්

එක්සත් ජනපද කුකුළුන් මේ රෝගයට ගොදුරු වීම මෑත කාලීන අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇත.

වර්තමාන මහජන සෞඛ්‍ය අවදානම අඩු වුවද, CDC තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරමින් සිටින අතර සතුන්ට නිරාවරණය වන පුද්ගලයින් නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍යයන් සමඟ කටයුතු කරයි. මිනිසුන් තුළ H5 කුරුළු උණ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා CDC එහි උණ නිරීක්ෂණ පද්ධති භාවිතා කරයි.