ජීවිතයක් නැති කරන්න අත්සන ගහන්නේ කොහොමද - එල්ලා මැරීම ගැන ජනපති කියූ දේ
වර්තමානයේ සිදුවන විවිධ අපරාධ ක්‍රියා හේතුවෙන් එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කළ යුතු බවට බොහෝ පාර්ශව යෝජනා ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අදහස් ප්‍රකාශ කර තිබේ.සිදුවන අපරාධ මැඬපැවැත්වීම සඳහා වරදකරුවන් එල්ලා මරා දැමිය යුතුයැයි ඇතැම් විටෙක සිතුනත් ජීවිතයක් නැති කරන්න අත්සන යොදන්නේ කෙසේදැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (25) නිව්යෝර්ක් නුවරදී පැවසුවේය.
අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව හමුවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ කීය. සිදුවන අපරාධ දෙස බලද්දී අපට හැඟීමක් එනවා වරදකරුවන් එල්ලා මරා දැමිය යුතුයි කියා. නමුත් ජීවිතයක් ලැබුණු කෙනෙක් මරා දැමීම සඳහා අත්සන් කිරීම සුදුසුද? මිනිස් ශිෂ්ටාචාරය ඒ යුගය පසු කරමින් සිටින්නේ.
මේ අපරාධ වැළැක්වීම සඳහා එල්ලා මරා දැමීම ද කළ යුත්තේ කියන එක තවදුරටත් සිතා බැලිය යුතුයි. ජනාධිපතිවරයාගේ අත්සන තමයි ඒ ජීවිතය පිළිබඳව තීරණය කරන්නේ.