සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය ආයතන එක්වෙයි - අද සිට ප්‍රදේශ 22 ක් ආවරණය වන විශේෂ වැඩසටහනක්

Report

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22 ක් ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ වේ. ඒ සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ද එක්වීමට නියමිතයි.

ඒ අනුව ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල මෙන්ම කොළඹ මහනගර සභාවේ කලාප 03 ක් ඇතුලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 09 ක මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

උසස් පෙළ විභාග ප්‍රතිපල වැරදුණාද? නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරයි

උසස් පෙළ විභාග ප්‍රතිපල වැරදුණාද? නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරයි

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජා ඇල, මහර, වත්තල, මීගමුව හා මිනුවන්ගොඩ යන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශ 08 තුළත් කලුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය හා කලුතර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 05 තුළද මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම ක්‍රියාවට නැංවෙනු ඇත.

මේ අතර, මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබූ අතර, වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, ඊයේ ප්‍රකාශ කළේ පරික්ෂා කළ පාසල්වලින් සියයට 40 ක ප්‍රතිශතයක තවමත් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවතින බවයි.

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙන් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙන් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ