ජැමෙයිකාවේදී සිංහයෝ සටන අතහරින්නේ නෑ - කොදෙව්වන්ට ලැබුණු ලකුණු 148ක ඉලක්කය මෙන්න

Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව් කණ්ඩායමට ලකුණු 148ක ඉලක්කයක් හිමිව තිබේ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා වේගවත් ලකුණු 43ක සබඳතාවක් ගොඩනැගූහ.

නායක කුසල් මෙන්ඩිස් පන්දු 23කදී ලකුණු 36ක් රැස් කළ අතර, කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 39කින් අර්ධ ශතකයක් වාර්තා කළේය. ඔහු ලකුණු 51ක් රැස් කරමින් ඉනිම සවිමත් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟිනි.

කමිඳුගේ අගනා ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාව තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා ළඟාවීමට සමත් වූ අතර, දැන් තරගයේ පීඩනය කොදෙව් පිල වෙත යොමුව තිබේ.

අද දවසේ මහා ග්‍රහ මාරුව - මේ ලග්න 5 කට්ටියට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීමක්

අද දවසේ මහා ග්‍රහ මාරුව - මේ ලග්න 5 කට්ටියට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීමක්

අද ලංකාවේ කාලගුණය උඩුයටිකුරු වෙයි - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75 ඉක්මවූ දරුණු වැසි

අද ලංකාවේ කාලගුණය උඩුයටිකුරු වෙයි - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75 ඉක්මවූ දරුණු වැසි