පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් තරුණයෙකු මියයාම ගැන විශේෂ පරීක්ෂණයක් (VIDEO)
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කළ සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පසුගිය 01 වැනිදා රාත්‍රියේ රාජගිරිය - නාවල මාර්ගයේ ශ්‍රී රතනජෝති මාවතේ පිහිටි නිවසකට ඇතුළු වූ, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
ඔහු පොලිසියට රැගෙන එන විට කලහකාරී ලෙස හැසිරුණු බව වාර්තා වේ. අනතුරුව, එම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන බවට සැකයක් මතු වන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් ඔහුව මුල්ලේරියාව මානසික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
නමුත්, පසුව රෝහලේදී එම සැකකරු මියගිය අතර, ඉන් පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.