හයිලන්ඩ් කිරි පැකට් ඇතුළුව තවත් නිෂ්පාදන රැසක මිල වෙනස් වුණ හැටි මෙන්න

Report

අද (01) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් රුපියල් 10 කින් අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කර තිබෙනවා.

හොඳටම ප්‍රසිද්ධ සුපිරිසැල් 23කට වුණු දේ මෙන්න

හොඳටම ප්‍රසිද්ධ සුපිරිසැල් 23කට වුණු දේ මෙන්න

ඒ අනුව මිල්කෝ කිරිපිටි සමාගමේ අලෙවි හා විකුණුම් කළමනාකරු සම්පත් ගුණරත්න කියා සිටියේ, මෙතෙක් රුපියල් 80ට අළෙවි කළ හයිලන්ඩ් යෝගට් එකක නව මිල රුපියල් 70ක් වන බවයි.

එසේම ඊට අමතරව මිල්කෝ සමාගම මඟින් නිෂ්පාදනය කරන දියර කිරි වර්ගවල මිලද අඩු කර ජනතාවට සහන සලසා ඇති බවද ඔහු පවසනවා.

මෝදිගේ සංචාරය නිසා කොළඹට කරන්න හදන අලුත් වැඩේ

මෝදිගේ සංචාරය නිසා කොළඹට කරන්න හදන අලුත් වැඩේ

මෙතෙක් රුපියල් 225 අළෙවි කළ මිලිලීටර් 450 ප්‍රමාණයේ කල් තබාගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 200 දක්වා ද, රුපියල් 200 ට අලෙවි කළ මිලිලීටර් 450 ප්‍රමාණයේ පැකට්ටුවක මිල රුපියල් 170 දක්වා සහ රුපියල් 440 ට මෙතෙක් අළෙවි කළ මිලිලීටර් 900 ප්‍රමාණයේ දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 380 දක්වා,රුපියල් 60 කින් අඩු කළ බවත් අලෙවි හා විකුණුම් කළමනාකරු සඳහන් කරනු ලැබුවා.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අර්බුධයක

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අර්බුධයක

චාමර සම්පත් යළි රිමාන්ඩ්

චාමර සම්පත් යළි රිමාන්ඩ්