අදත් ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අනතුරු අඟවයි

Department of Meteorology Weather Rain Sinhala news Breaking News
By Kaushi Jul 11, 2025 12:20 PM GMT
Kaushi

Kaushi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට නිවේදනය කරයි.

එසේම වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්.

කිඹුලාවල උණුසුම් වෙයි

කිඹුලාවල උණුසුම් වෙයි

එමෙන්ම අඳාළ නිවේදනයේ ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට දක්වා තිබෙනවා.

ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් පවසයි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එමිරේට්ස් හොදම රටවල් තුන අතරට ලංකාවත් එක්වෙයි

එමිරේට්ස් හොදම රටවල් තුන අතරට ලංකාවත් එක්වෙයි

ReeCha