කාලගුණයේ හදිසි වෙනසක් - ප්‍රදේශ රැසක් මීදුමෙන් වැසෙයි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ස්වල්ප වැසි ඇති විය හැකිය.

දකුණු පළාතේත්, රත්නපුර හා මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00ට පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්, ගාල්ල, මාතර, මොනරාගල, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

කන්කසන්තුරය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි.

සුළඟේ වේගය පැයට කිලෝමීටර 20-30 පමණ වන අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු බව දැනුම් දෙයි. 

රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි

රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි

ඔබේ අද දවස වෙනස් වෙන්න පුළුවන්… ලග්න අනාවැකිය කියවලාම තීරණ ගන්න!

ඔබේ අද දවස වෙනස් වෙන්න පුළුවන්… ලග්න අනාවැකිය කියවලාම තීරණ ගන්න!