අදත් කුඩය මතක් කරගෙන ගෙනියන්න.. ප්‍රදේශ රැසකට වැසි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, අද (08) පස්වරු 1.00න් පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්වල්ප ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බවත් සඳහන් වේ.

ලොවක් බලාසිටින පාප් වහන්සේ කවුද? දේවස්ථානයේ පිටවූ කළු දුමාරයක්

ලොවක් බලාසිටින පාප් වහන්සේ කවුද? දේවස්ථානයේ පිටවූ කළු දුමාරයක්

බස්නාහිර සහ දකුණු පළාත්වල, එසේම පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව අවශ්‍ය පූර්වාරක්ෂාකාරී පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

මැතිවරණ කොමිසමේ මහ රෑ නිවේදනයෙන් පාසල් වැඩ අවුල් වෙලා..

මැතිවරණ කොමිසමේ මහ රෑ නිවේදනයෙන් පාසල් වැඩ අවුල් වෙලා..

එසේම, මධ්‍යම සහ ඌව පළාත්වල, තවද අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.