රස්නෙ යන්න වැස්ස එයි.. ප්‍රදේශ කිහිපයකට වැසි.. එම ප්‍රදේශ මෙන්න..

By krishani Feb 18, 2025 12:53 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අද (18) ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම, ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතී.

හිමිදිරි උදෑසන කාලයේ දී උතුරු, උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ශීත කාලගුණ තත්ත්වයක් පවතී.

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

අයවැය කියන දවසෙම.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

අයවැය කියන දවසෙම.. තෙල් මිලට වුණ දෙය මෙන්න..

එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි වේ.

කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video👇