අද සිට රට පුරා කාලගුණයේ වෙනසක්.. ප්‍රදේශ රැසක් ගැනත් දැනුම්දීමක්..

Report

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ සඳහන් වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

අද ප්‍රේම සබඳාතා වැඩි දියුණු වන දිනයක්..හැබැයි මේ ලග්න වල අය පුළුවන් තරම් පරිස්සම් වන්න.(VIDEO)

අද ප්‍රේම සබඳාතා වැඩි දියුණු වන දිනයක්..හැබැයි මේ ලග්න වල අය පුළුවන් තරම් පරිස්සම් වන්න.(VIDEO)


මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

You May Like This Video