ඉදිරි පැය 24 ගැන නවතම කාලගුණ අනාවැකිය මෙන්න..මේ ප්‍රදේශ වල ජනතාව විමසිල්ලෙන් ඉන්න..

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අද උදෑසන ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

අද උදෑසන ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි.


දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

ඉන්ධන සහ විදුලිය දැනෙන ගණනකින් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.

ඉන්ධන සහ විදුලිය දැනෙන ගණනකින් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.