අද උදෑසන ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

By Aruna Aug 18, 2024 01:46 AM GMT
Report

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, රිච්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්ධන සහ විදුලිය දැනෙන ගණනකින් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.

ඉන්ධන සහ විදුලිය දැනෙන ගණනකින් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.


මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කළද, පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී ඇත.

පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මිථුන,සිංහ සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..සියලු පලාඵල විස්තර මෙතනින් දැන ගන්න.

මිථුන,සිංහ සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..සියලු පලාඵල විස්තර මෙතනින් දැන ගන්න.


මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.