අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස මෙන්න..

Report

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවයි.

වැටුප් සම්බන්ධයෙන් සිදු වූ දේ..ආරංචිය සුබ නෑ.

වැටුප් සම්බන්ධයෙන් සිදු වූ දේ..ආරංචිය සුබ නෑ.


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වීමට හැකියාව තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අදාල නිවේදනයේ සඳහන්වේ.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන දෙන ඉතාමත් යහපත් දිනයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන දෙන ඉතාමත් යහපත් දිනයක්..ටිකට් එකක් ගන්නත් ශුභයි..


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.