අද සිට කාලගුණයේ ප්‍රබල වෙනස්වීමක්..වැස්ස වැඩි වෙයි..

Report

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්..සුණාමි අනතුරු ඇඟවීමක්?..

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්..සුණාමි අනතුරු ඇඟවීමක්?..


බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම වාර්තාව වැඩි දුරටත් දන්වා ඇත්තේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

හදිසියේම උසස් පෙළ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි..හේතුව මෙන්න.

හදිසියේම උසස් පෙළ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි..හේතුව මෙන්න.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.