ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..
By krishani
දෘෂ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේ දී අද (05) සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට හිරු මුදුන් වේ.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව, අද දහවල් 12.12 ට බලපිටිය, ඇල්පිටිය, මොරවක සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවලට හිරු මුදුන් වූවේ ය.
මේ අතර, වයඹ පළාතට සහ මන්නාරම හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 79.8 පස්යාල ප්‍රදේශයට ලැබී ඇත.
එමෙන්ම, උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.3 වාර්තා වුයේ වවුනියාව ප්‍රදේශයෙන් වේ.