ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය මෙන්න
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය අනුව, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
එමෙන්ම උතුරු පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.
ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, දිවයිනේ අනෙක් ප්‍රදේශවල පස්වරු 2.00 ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
මෙහිදී ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ජනතාව අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි.