අදත් ප්‍රදේශ කිහිපයකටම මි.මී.75 ක පමණ තරමක තද වැසි..

By Piyumika Nov 17, 2024 01:33 AM GMT
Report

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙච්චරක් වියදම් කළා කියල හරි දිනේට කියන්න..නැත්තන් ඉතින් ඉවරයි..

මෙච්චරක් වියදම් කළා කියල හරි දිනේට කියන්න..නැත්තන් ඉතින් ඉවරයි..

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.  

අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.