මෙච්චරක් වියදම් කළා කියල හරි දිනේට කියන්න..නැත්තන් ඉතින් ඉවරයි..

Report

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර ආසනය අහිමි වූ මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමු ගනියි..(VIDEO)

මෙවර ආසනය අහිමි වූ මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමු ගනියි..(VIDEO)

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුවේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 8888ක් ඉදිරිපත් වූහ.

නාමල් රාජපක්ෂට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ..

නාමල් රාජපක්ෂට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ..

මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න මහතා පැවසුවේ, ආදායම් වාර්තා කලට වේලාවට ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙයට අමතරව අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශද කොමිෂන් සභාවට භාරදිය යුතුවේ.