මෙන්න මේ ප්‍රදේශ වල ඉන්න අය අද එලියට යනවා නම් කුඩේ අරන් යන්න අමතක කරන්න නම් එපා..

By Piyumika Oct 26, 2024 02:00 AM GMT
Report

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර..

අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර..

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45)ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

වසර එක හමාරකටත් අධික කාලයකට පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද...

වසර එක හමාරකටත් අධික කාලයකට පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද...

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.