අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර..

Israel Iran World
By Piyumika Oct 26, 2024 01:49 AM GMT
Piyumika

Piyumika

Report

ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර 200කට ආසන්නයට ප්‍රහාරය ඇතුළුව, ඉරාන පාලනය මාස කිහිපයක සිට තමන්ට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය දියත්කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

නිවසක කරපු වැටලීමකින් සොයා ගත්ත දේවල් නිසා පොලිසියත් පුදුම වෙලා..(PHOTOS)

නිවසක කරපු වැටලීමකින් සොයා ගත්ත දේවල් නිසා පොලිසියත් පුදුම වෙලා..(PHOTOS)

ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්වීමට අයිතියක් සහ යුතුකමක් ඇති බවත්, ආරක්‍ෂක සහ ප්‍රහාරාත්මක හැකියාවන් සම්පූර්ණයෙන්ම බලමුලු ගන්වා ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි. බී.බී.සී. පුවත් සේවයද වාර්තා කර සිටියේ, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ඝෝෂාකාරී පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා කළ බවයි.

ඉරානයේ ටෙහෙරාන් අගනුවරට බටහිර ප්‍රදේශයෙන් මෙම පිපිරීම් හඬ ඇසී තිබේ. විශේෂයෙන් ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය.

පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන් වහාම මේ ගැන දැනුවත් වෙන්න..ඔබේ දරුවා ඔවුන්ගේ ඉලක්කයයි..

පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන් වහාම මේ ගැන දැනුවත් වෙන්න..ඔබේ දරුවා ඔවුන්ගේ ඉලක්කයයි..

කෙසේ නමුත් ප්‍රහාරවල ප්‍රමාණය සහ නිශ්චිත ඉලක්ක පිළිබඳ ඊශ්‍රායලය තවමත් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැත.

මේ අතර ඉරානයට අමතරව සිරියාවේ ද මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ඇතැම් හමුදා ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.