වසර එක හමාරකටත් අධික කාලයකට පසු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද...

Report

සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදින ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද (27) පෙ.ව. 7.00ට ආරම්භ විය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම ඊයේ පෙරවරුවේ සිදුකෙරුණා.මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 28 දෙනෙක් තෝරා පත් කර ගැනෙනවා.

ජනපති සටනට එයාලා මෙන්න මෙහෙමයි වියදම කලේ..වැඩිපුරම වියදම ගිහින් තියෙන්නේ හිතුවෙවත් නැති කෙනෙක්ට..

ජනපති සටනට එයාලා මෙන්න මෙහෙමයි වියදම කලේ..වැඩිපුරම වියදම ගිහින් තියෙන්නේ හිතුවෙවත් නැති කෙනෙක්ට..

ඒ සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ලියාපදිංචි වී ඇති අතර, පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙවර තරග කරනවා.එමෙන්ම මෙම ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 14 සහ 18 යන දෙදින තුළ සිදුකෙරුණා.

ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 600ක් සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 500ක් යොදවා තිබෙනවා.මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයින්ගේ වම් අතෙහි සුළඟිල්ල සලකුණු කර තිබීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සලකුණු කෙරෙන්නේ වම් අතෙහි මහපටැඟිල්ලයි.

"ඒයා හිතන්න ඇති ඒක ශක්තිමත් නිසා එයා බේරෙයි කියලා"..ආධාරයක් ලෙස උඩු ගුවනින් ආ සිගිත්තෙකුගේ මාරයා ..

"ඒයා හිතන්න ඇති ඒක ශක්තිමත් නිසා එයා බේරෙයි කියලා"..ආධාරයක් ලෙස උඩු ගුවනින් ආ සිගිත්තෙකුගේ මාරයා ..

2018 පෙබරවාරි 10 වැනිදා දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණු අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් එම පක්ෂය අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹුණා.

ඒ අනුව කල් දැමුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම යළි පැවැත්වුණේ ඊට වසර එක හමාරකටත් අධික කාලයකට පසුවයි.

උපරිම කාලය මිනිත්තු 03 යි..දිගු කාලයක් සිප වැළද ගැනීමට අවශ්‍ය නම් රථ ගාල යොදාගන්න..

උපරිම කාලය මිනිත්තු 03 යි..දිගු කාලයක් සිප වැළද ගැනීමට අවශ්‍ය නම් රථ ගාල යොදාගන්න..

එනම්, 2019 ඔක්තෝබර් 11 වැනිදායි.මෙරට සෙසු සියලු පළාත් පාලන ආයතනවල කාලය පසුගිය 2023 වසරේදී අවසන් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මකව පැවතියේ ඒ හේතුවෙන්.

එහි කාලය අවසන් වූයේ පසුගිය අගෝස්තු 26 වැනිදා වන අතර, ඉන් පසුව තීරණය කෙරුණේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අද පැවැත්වීමටයි.