අවුරුද්දේ ලොකුම උල්කාපාත වර්ෂාව අද රෑ අහසේ - මෙන්න වෙලාව [VIDEO]

Report

අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා සඳහන් කළේ, 2025 වර්ෂයේ දැකිය හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේද හෙට උදෑසනද නිරීක්ෂණය කළ හැකි බවයි.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔහු පැවසූයේ,

මෙම උල්කාපාත වර්ෂාව “පර්සීස්” නම් වී ඇත්තේ එය පර්සීස් තාරුකාවට සම්බන්ධ වීමෙන් බවය. තවද, හොඳම දර්ශනය ලබාගත හැක්කේ හෙට උදෑසන සම්පූර්ණයෙන්ම උතුරු දිශාව බලන විට වන බවද ඔහු විස්තර කළේය. "මේ උල්කාපාත වර්ෂාවේ විශේෂත්වය තමයි උල්කාපාත 100ක් පමණ පැයකදි දැකගත හැකි වෙනවා.

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

ඒක සාමාන්‍යයෙන් විශාල අගයක්. මෙහෙම උල්කාපාත ප්‍රමාණයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ උල්කාපාත වර්ෂා කිහිපයකදි පමණයි. මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන ආකාරය ගැන කතා කළොත් මේ දැක්වෙන පර්සියස් කියන තාරුකා රාශිය සාමාන්‍යයෙන් ක්ෂිතිජයෙන් මතු වෙන්න පටන් ගන්නේ මධ්‍යම රාත්‍රියෙන් විතර.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

මධ්‍යම රාත්‍රියේදී මතුවෙන මෙම උල්කාපාත රාශිය අලුයම් කාලය දක්වා ඉහළට ගමන් කරනවා. එතකොට මේ උල්කාපාත වර්ෂාව බලන්න පුළුවන් හොඳම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් උදෑසන 05.00ට විතර. උදෑසන 5ට විතර උතුරු දිශාව බලන්න පුළුවන් නම් අපිට පැයකදි උල්කාපාත 100ක් පමණ බලන්න පුළුවන් වෙනවා.