සැමියා බිරිදව පණපිටින් ගිනි තියලා දරුවා වහලෙ උඩ
වැල්ලම්පිටිය ප්‍රදේශයේ බීමත් සැමියෙකු විසින් තම බිරිඳව ගිනිතබා ඝාතනය කර ඇත.
මෙම ඝාතනයෙන් මියගියේ අවුරුදු 29ක් වූ එක්දරු මවක් වන අතර ඇයගේ සැමියා පැමිණ ඇත්තේ වහලය තුලින් නිවසට ඇතුල් වීය.
පසුව ඔහු විසින් පෙට්‍රල් බෝතලයක් රැගෙන බිරිදගේ ඔලුවට පෙට්‍රල් දමා ගිනි තබා ඇත.
පසුව දරුවා රැගෙන වහලෙන් වහලෙට පැන ගොස් වෙනත් නිවසක වහලය උඩ දරුවා තබා පලා ගොස් ඇත.
ගින්න තැබූ සැකකරු විසින් වරින් වර ඇයට මරණ තර්ජනය කර ඇති අතර කාන්තාව මෙම සැකකරුට විරුද්ධව පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇත.
මෙම දෙපල දික්කසාද වීමට නඩු පවරා ඇති බවත් ගින්න තැබූ සැමියා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවත් වාර්තා වේ.
ඔහු බිරිදගෙන් නිතර නිතර මත්පැන් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා ඇති බවත් මෙම ගැටුම් අපරාධයට හේතු විය හැකි බවත් පොලිසිය සැක කරයි. වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇත.