කීපවතාවක් දේහය ගොඩ ගත් වසීම් තාජුඩීන්ගේ නඩුව පවුලේ ඉල්ලීමකින් නැවත විමර්ශනයකට..
ශ්‍රී ලංකාවේ හිටපු රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ 2012 මැයි මාසයේ සිදුවූ මරණය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, තාජුඩීන්ගේ මාමා මොහොමඩ් සයිෆුදීන් මහතා පවසන්නේ, සිද්ධිය සිදුවූ විට පවුලේ අයට මුලින්ම මෝටර් රථ අනතුරකින් මියගිය බව පැවසූ බවයි.
“මම එම ස්ථානයට යන විට ඔහු සිටියේ මගී අසුනේ. වාහනයට සුළු හානියක් පමණක් සිදුවී තිබුණි. එවැනි අනතුරකින් කෙනෙකු මිය යාම කම්පනයට කරුණක් විය” ඔහු වැඩිදුරටත් පැවසීය.
එහෙත්, එවකට නිකුත් කළ මූලික වාර්තාවල සඳහන් වූයේ තාජුඩීන් වේගයෙන් රිය පැදා, බීමතින් සිටි අතර, පසුව ගින්නකින් දුම ආශ්වාස කිරීමෙන් මියගිය බවයි. 2015 යහපාලන රජයේ කාලයේදී අධිකරණ වෛද්‍යවරුන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අධිකරණ නියෝග මත සිරුර පරීක්ෂා කළ අතර, එහිදී ඔහුට වධහිංසා පමුණුවා, පුළුස්සා මරාදමා ඇති බව සොයාගත් බව මාමාවරයා සඳහන් කළේය.
“ලබාදී ඇති තොරතුරු පෙර වාර්තාවලට සම්පූර්ණයෙන්ම පටහැනි. මෙම කරුණු එළියට ආ පසුවත් අපට යුක්තිය ලැබී නැහැ. වත්මන් රජය පියවර ගනු ඇති බවත්, වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇති බවත් අපට විශ්වාසයි” ඔහු අවධාරණය කළේය.
අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති බවත්, නමුත් මෙම රජය කිසිවක් නොකරන්නේ නම් අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති බවත් තාජුඩීන්ගේ මාමා පැවසීය. මෙම සිද්ධිය රාජපක්ෂ පාලන සමයේ ආන්ඩෝලනාත්මක අපරාධයක් ලෙස සැලකෙන අතර, 2015දී එය ඝාතනයක් ලෙස හඳුනාගෙන ඇත.