බොරුවෙන් අනිත් අයට වෛර කිරීමෙන් රට හදන්න බැහැ - සාගරගෙන් ආණ්ඩුවට චෝදනාවක්

Report

පසුගිය පාලන සමයේදී වේගවත් ලෙස දියුණු වෙමින් පැවති රට, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාප හේතුවෙන් ස්ථාවර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා චෝදනා කරයි.

අද (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුව රටේ සංවර්ධනය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

අනේ අපි වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්.. බද්ද අඩු කරන්න..- ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..

අනේ අපි වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්.. බද්ද අඩු කරන්න..- ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..

වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා,

"මේ වෙලා තියෙන්නේ මුළු රටට වුණු අපරාධයක්. මේ රට මහා වැඩබිමක් වෙලා තිබුණ රටක්. මේ රට සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් තිබුණ රටක් කඩා වට්ටලා එක තැනකට ගෙනල්ලා තියෙනවා. මේ කළේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ජනතා විමුක්ති පෙරමුණ තමයි කළේ.

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF කියයි.. - ආණ්ඩුවට විකල්පයක් නැති පාටයි

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF කියයි.. - ආණ්ඩුවට විකල්පයක් නැති පාටයි

මේක කරන්න මේක කරන්න ඔවුන් කාරණා දෙකක් උපයෝගි කරගත්තා එකක් තමයි බොරුව සමාජ ගත කිරීම. අනික තමයි ඒ බොරු තුළින් ජනතාව රැවැට්ටවීම ඉතින් මේ රට අපිට ඉදිරියට ගෙනියන්න නම් මේ රටේ ඉන්න තමන්ගේ අනාගතයට ආදරය කරන ජනතාව කිසියම් අවස්ථාවක තේරුම් ගන්න ඕනේ බොරුවෙන් අනිත් අයට වෛර කිරීමෙන් සහ වැඩ කරන මිනිහාට ගැරහීම තුළින් රටක් ඉදිරියට යන්නේ නෑ. මේ රටේ අපේ මිනිස්සුන්ව හිතන්න පුරුදු කරලා තියෙනවා"