බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ.
මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගොනු කර ඇති නඩුව අද (22) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබූ අතර, එහිදී බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්, බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, දිගින් දිගටම අධිකරණයෙන් මඟහැරීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළ බව වාර්තා වේ.