විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්
විදෙස් ගත ශ්‍රී ලාකිකයින් වෙනුවෙන් ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි මැතිවරණයකදී නියමු ව්‍යාපෘතියක් වශයෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර විගමනික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වඩා කාර්යක්ෂම, වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව දුරකථන ඇමතුම් පද්ධතියක් හඳුන්වා දීමට ද කටයුතු කර ඇත.