විදෙස් ගත වී සිටින සහ ඔවුන්ගේ පවුල්වල අයට රජයෙන් සුබ පණිවිඩයක්

Report

 විගමනික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වඩා කාර්යක්ෂම, වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව දුරකථන ඇමතුම් පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

මෙය “Smart Call Center Complaint and Workflow System” ලෙස නම් කර තිබේ. මෙම නව පද්ධතිය ජනගත කිරීම ඊයේ (01) විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය ළමා අපචාරයක් සිදු කර තිබෙනවා - සමලිංගිකත්වය ප්‍රවර්ධන මොඩියුලට ගුරු විදුහල්පතිවරුත් දෙස් තියයි

අධ්‍යාපන අමාත්‍යාංශය ළමා අපචාරයක් සිදු කර තිබෙනවා - සමලිංගිකත්වය ප්‍රවර්ධන මොඩියුලට ගුරු විදුහල්පතිවරුත් දෙස් තියයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2011 අගෝස්තු මාසයේදී පැය 24 ක් ක්‍රියාත්මක වන දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර, නව Smart Call Center Complaint and Workflow System හඳුන්වා දීමත් සමඟ විගමනික ශ්‍රමිකයන්ගේ පැමිණිලි, ඉල්ලීම් සහ ගැටලු වඩා සංවිධානාත්මකව, වේගවත් සහ විශ්වාසනීය ලෙස විසඳා ගැනීමේ හැකියාව ලැබේ.

මෙම පද්ධතියේදී ඔන්ලයින් දත්ත ලේඛන කිරීම, ගැටලු තත්ත්වය පාලනය කිරීම, ඉල්ලීම් පිළිබඳ ප්‍රගති සටහන් තබා ගැනීම වැනි පහසුකම් ඇතුළත් වන අතර, විගමනිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සෘජු හා දක්ෂ සේවාවක් සැපයීමේ අරමුණ සාර්ථකව ඉටු කිරීමට මෙය උපකාරී වේ.

මේ මුදල් ඒකකය භාවිතයෙන් අත්හිටුව‍යි

මේ මුදල් ඒකකය භාවිතයෙන් අත්හිටුව‍යි

මෙම නව පද්ධතියේ හඳුන්වාදීම විගමනික සේවා ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ජනතාවට විශ්වාසනීය සේවාවක් ලබාදීමේ වගකීම සම්පූර්ණ කිරීමට මූලික තීරණාත්මක පියවරක් වනු ඇති බවට සඳහන් කරයි.