උඩ පැන්න කෝලිගෙත් පස්ස බිම ඇනෙයි

Virat Kohli India Death Latest Headlines Sinhala news
By Kaushi Jun 07, 2025 07:33 AM GMT
Kaushi

Kaushi

Report

ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වේ. ඒ ඉකුත් ජුනි 04 වන දින බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල ඇති වූ තෙරපීම නිසා පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

ඒ අනුව අඳාළ පැමිණිල්ල සමාජ ක්‍රියාකාරිකයෙක් වන එච්.එම්. වෙන්කටේෂ් මහතා විසින් කබ්බන් පාර්ක් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ලෙන් එල්ල කර ඇති චෝදනා ලෙස කෝලි, අයි.පී.එල් හරහා සුදුව ප්‍රවර්ධනය කිරීමට හා ඛේදවාචකයට සම්බන්ධ පිරිස උසිගැන්වීම දක්වා ඇත.

එසේම ඊයේ (6) දින මෙම ඛේදවාචක සම්බන්ධයෙන් බැංගලෝර් අධිකරණය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් නිලධාරී නිඛිල් සොසාලේ සහ ඉසව් කළමනාකරුවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් අධිකරණ භාරයට පත් කර ඇති බව සඳහන්.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

එමෙන්ම කර්ණාටක මහාධිකරණය මඟින් එම ප්‍රාන්තයේ ක්‍රිකට් සංගමයේ (KSCA) නිලධාරීන්ට අතුරු සහනයක් ලබා දී ඔවුන්ට විරුද්ධව බලහත්කාර ක්‍රියා මාර්ග නොගන්නා ලෙස පොලිසියට නියෝග කර ඇත්තේ නඩුව ජුනි 09 වන දිනට කල් දමමින්.

තවද ජුනි 05 වන දින, බැංගලෝර් පොලිසිය විසින් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් ෆ්‍රැන්වයිස්, DNA එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගමට විරුද්ධව සාපරාධි මිනීමැරුම් සහ නීති විරෝධී රැස්වීම් ඇතුළු චෝදනා යටතේ නඩු පවරා ඇති බවට ද වාර්තා වේ.

ඒ අනුව කර්ණාටක මහ ඇමති සිද්ධරාමයියා විසින් මින් පෙර වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙනවා.

ඒ නොසැලකිලිමත්කම පිළිබඳ මුලික සාක්ෂි උපුටා දක්වමින්.

ලයිට් කපන්න ගිය විදුලිබල මණ්ඩලයට වුණ අකරතැබ්බ...පස්ස පෙන්නුව කෙනත් හිරේ

ලයිට් කපන්න ගිය විදුලිබල මණ්ඩලයට වුණ අකරතැබ්බ...පස්ස පෙන්නුව කෙනත් හිරේ

එසේම මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව බැංගලෝර් පොලිස් කොමසාරිස් බී දයානන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ගේ ද වැඩ තහනම් කර ඇති බව පවසයි.

මෙවර 2025 අයි.පී.එල් ශූරතාව රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම හිමිකර ගත් අතර ඒ සමඟ කණ්ඩායම පිළිගනිමට බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේ උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

ඒ සඳහා ප්‍රේක්ෂකයින් චින්නස්වාමි ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ගත් උත්සාහයේදී ඇති වූ තෙරපීමෙන් මෙසේ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව බොහෝ පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ.

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

ReeCha