ලෝක දේශපාලනය උණුසුම් කරමින් බිලියනයක් සල්ලි සහ ලස්සනම තරුණිය ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියාගෙන් තුර්කියට තර්ජනයක්
උගන්ඩා හමුදා ප්‍රධානී ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා (Muhoozi Kainerugaba) විසින් තුර්කියට අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් සහ තුර්කියේ සිටින “ලස්සනම තරුණිය” විවාහ කර දෙන ලෙස ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනිගේ (Yoweri Museveni) පුත්‍රයාද වේ.
වාර්තා අනුව, ඔහු මෙම ඉල්ලීම් දින 30ක් ඇතුළත ඉටු කළ යුතු බවත්, එසේ නොවුණහොත් තුර්කිය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවන බවත් සඳහන් කර ඇත.
සෝමාලියාවේ ආරක්ෂාව සඳහා උගන්ඩා හමුදාව කළ සේවය තුර්කිය විසින් නිසි ලෙස අගය නොකළ බවද ඔහු චෝදනා කර ඇති බව වාර්තා වේ.
අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් සහ විවාහ යෝජනාවක් ලෙස මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.
කෙසේ වෙතත්, තුර්කි රජය මෙතෙක් මේ සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි.
මේ අතර, දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රකාශ මීට පෙරද ඔහු විසින් සිදු කර ඇති අතර, මෙය සරදමක් ලෙස කළ ප්‍රකාශයක් විය හැකි බවයි.
This guy, Muhoozi Kainerubaga is the chief of the Ugandan 🇺🇬 Army, son of the dictator Museveni an possible future leader of the country
— Clément Molin (@clement_molin) April 11, 2026
Here, he is threatening Turkiye 🇹🇷, asking for 1 billion $ and the most beautiful turkish woman as a wife or he stops diplomatic relations. pic.twitter.com/xPORjQTVHm