විද්‍යාපීඨ යන්න බලන් ඉන්න ඔයාට සුබ පණිවිඩයක් - අප්‍රේල් 21 සිට ක්‍රියාත්මකයි
2023/2024 අ.පො.ස (උසස් පෙළ) විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ එළඹෙන අප්‍රේල් 21 වනදා සිට මැයි 08 වනදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අදාළ විද්‍යාපීඨයන් කේන්ද්‍ර කරගනිමින් මෙම පරීක්ෂණ පැවැත්වෙන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී පත් වී ඇති අයදුම්කරුවන්ගේ නාමලේඛනය මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අයදුම්කරුවන්ට සිය නම සහ අදාළ තොරතුරු වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.