2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය ලංකාවට

Report

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (16) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩාමට හිමි වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

මෙම තරගය අද රාත්‍රී 07.00ට නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් මාර්ෂ් විසිනි.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක්

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගනු ලබන්නේ නම් ඔවුන් බී කාණ්ඩය යටතේ සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

මේ වනවිට ඔවුන් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවෙයි.

කරට කර තරගයෙන් ඇෆ්ගනිස්ථානයට ජය

කරට කර තරගයෙන් ඇෆ්ගනිස්ථානයට ජය

සුපිරි අට දෙනාගේ වටයට රැඳිසිටීමට නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්යය වේ.