කරට කර තරගයෙන් ඇෆ්ගනිස්ථානයට ජය

Report

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (16) දින පැවැති ඇෆ්ගනිස්ථාන සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථනය සමත්ව තිබෙනවා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කඩුලු 05කින් පරාජයට පත් කිරීමට සමත් වෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි එම කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 160ක් ලබා ගෙන තිබුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දු 19.2ක් තුළ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්ථානයට ලොකු ඉලක්කයක්

ඇෆ්ගනිස්ථානයට ලොකු ඉලක්කයක්

අද තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

අද තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට