දෙරටක් පීඩා විඳී ධීවර ගැටලුව ගැන එකඟතාවක්...
By Piyumika
ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ධීවර අමාත්‍ය රාමලිංගන් චන්ද්‍රසේකරන් මහතා අතර පැවති හමුවකදීයි.
දෙරටේ ධීවර ගැටලුව විසඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර තිබුණි.
ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ, මෙරට මුහුදු සීමාවට යෑමෙන් වළකින ලෙස ඉන්දීය ධීවරයින් දැනුවත් කරන බවයි.
දෙරටේ ම ධීවරයින්ට ඉන් එල්ල වී ඇති බලපෑම කඩිනමින් සමතයකට පත් කිරීමට එහිදී ඔවුන් එකඟතාවකට පැමිණ තිබුණි.
You may like this video