අනේ අම්මපා මෙහෙමත් වෙළදාමක්.. ශ්‍රි පාද වන්දනාවේ එන තරුණයන් ප්‍රවේශමෙන්..

By Piyumika Dec 15, 2024 05:12 AM GMT
Report

හැටන් දුම්රිය ස්ථානය අසල අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 10 ක් සමග සැකකරුවෙකු (14) දින පස්වරුවේ හැටන් පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු එකහමාරක සිගිත්තිය ඉදිරියේදීම පියාව අවසන් ගමන් යැවූ වෙඩි පහර ..

අවුරුදු එකහමාරක සිගිත්තිය ඉදිරියේදීම පියාව අවසන් ගමන් යැවූ වෙඩි පහර ..

ශ්‍රි පාදය කරුණා කිරිමට දුම්රියෙන් පැමිණෙන තරුණ පිරිසට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරිම සදහා සැකකරු හැටන් දුම්රිය ස්ථානය අසල සැකටයුතු ලෙස සැරිසරමින් සිටියදි දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ නිරතවන හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත්, සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සැකකරු රදවාගෙන විමර්ෂණ කටයුතු ආරම්භ කරන බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා කියා සිටියේ.

ඔබත් මොහුට අසුවූ අයෙක්ද..මෙවැනි පුද්ගලයන් පිළිබද අවදානයෙන් සිටින්න..

ඔබත් මොහුට අසුවූ අයෙක්ද..මෙවැනි පුද්ගලයන් පිළිබද අවදානයෙන් සිටින්න..

මේ අතර උඩරට මැණිකේ දුම්රියෙන් ගංජා මිශ්‍ර මත්ගුලි රැගෙන පැමිණි තරුණයෙකුද හැටන් පොලිසියේ නිලධාරින් විසින් හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

දුම්රියෙන් සහ පෞද්ගලික වාහන වලින් මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට හැටන් දුම්රිය ස්ථානයේ සහ නල්ලතන්නියට පිවිසෙන සියළු මාර්ග වල මෙහෙයුම් සදහා පොලිස් නිලධාරින් දිවා රාත්‍රියේ රාජකාරියේ යොදවා ඇති බවයි හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා කියා සිටියේ .

You may like this video